Download Sub
Saturday, October 31, 2015
Hitman Agent 47 (2015) සිංහල උපසිරැසි සමගින්
Download Sub
Friday, October 23, 2015
The Flash [S02 : E03] with Sinhala Subtitle | තක්කඩි පවුල. [සිංහල උපසිරැසි සමඟ]
Monday, October 19, 2015
Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes
කට්ටිය ඉතින් මග බලගේනනේ ඉන්නේ Arrow Season 4. ඔන්න Arrow Season 4 ආව. කලින් Season එකේ මතකනේ Ras Al Gul කාරය Arrow කාරයට ඇඩේව්වා. මේ පාර ගේමට ඉන්නේ Ras ගේත්හතුරෙකුට හිටපු Damien Dahrk කියලා අමුතුම චරිතයක්. දැනට ආපු Trailers වල හැටියට නං පොර සිරාම පොරක්. මේ සේඅසෝන් එකේදී Arrowට තියෙන්නේ පට්ටම කිට් එකක්.
එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.
Arrow Season 4 below to Download
Episode 1 Green Arrow
Episode 2 The Candidate
Episode 3 Restoration
Episode 4 Beyond Redemption
Episode 5 Haunted
Episode 6 Lost Souls
Episode 7 Brotherhood
Arrow Flash Crossover
PART 1 - Flash S02E08 - Legends Of Today
PART 2 - Arrow S04E08 - Legends Of
Yesterday
Episode 09 - Dark Waters
Episode 10 - Blood Debts - Coming Soon
Episode 11 - A.W.O.L - Coming Soon
Episode 12 - Unchained - Coming Soon
Saturday, October 17, 2015
Under the Dome [S03 : E06] | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]
Under the Dome [S03:E05] සතුරන් සහ මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ, ඔන්න අද මේ කතා මාලාවේ 5 වන කොටසට උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, අපේ බිග් ජිම්ව පැහැරගෙන ගිහින් ඇක්ටෙයින් සමාගමේ කට්ටිය හිතන්නෙ මෙයත් ක්‍රිස්ටීන් වගේ කෙනෙක් කියලනේ. ඒත් මෙයා එතනින් පැනලා යනවා ජූලියාගේ උදව්වෙන්. ජූලියා සහ බාර්බි අතර ලොකු රණ්ඩුවක් ගිහින් දෙන්නා තරහා වෙනවා. තරහා වෙලා හිටපු ජෝ සහ නොරී නැවත එකතු වෙනවා. සෑම් සහ ඇබී දෙන්නත් එකතු වෙන බවක් පෙන්නුවා. එක් එක්කෙනාගේ විවිධාකාර සබඳතා ගොඩ නැගෙන අතරෙ අමුතුම ආකාරයේ සම්බන්ධයක් පටන් ගත්තෙ ජූනියර් සහ ක්‍රිස්ටීන්. ජූනියර් හොඳටම ක්‍රිස්ටීන්ට අහුවෙලා වශී වෙලා ඉන්නෙ කියලා තේරෙන්න ඇතිනේ. අද කොටසෙ එතනින් පටන් ගන්නවා. ක්‍රිස්ටීන් කියපු නිසා ජූනියර් නගර ශාලාවෙ බාල්කයකුත් කඩලා දැම්මනේ. අද කතාවෙ නම් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා. ඒත් ඉතින් උත්තර හොයන්න නම් දිගින් දිගටම කතාව බලන්න වෙනවා. එක ප්‍රශ්ණයක් ඉවර වෙන්න කලින් තවත් ප්‍රශ්ණ පටන් ගන්නවා. කලින් ලිපියෙදි මං කිව්ව නූල් බෝලෙ එක කෙලවරක් හොයා ගන්න උත්සාහ කරද්දි ඒක ඇතුලෙ තවත් පැටලෙන්න වෙනවා. අද මාතෘකාව සතුරන් සහ මිතුරන්. මිතුරන් සතුරන් බවට පත්වෙන සතුරන් මිතුරන් බවට පත්වෙන කුතුහලය පිරි කොටසක් අද ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ හැමදේම මූලාරම්භයට හේතුව ගැනත් තව දුරටත් පැහැදිලි කෙරෙනවා. එහෙනම් බලන්නකෝ….මං යනවා. ලබන සතියේ 6 වන කොටස සමඟින් මුණ ගැහෙමු.
Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා නැවතත් සුපුරුදු පරිදි බාධකය තුල සිර වෙලා ඉන්නවා. බිග් ජිම් සහ ජූලියා පමණයි ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගත්තෙ. ගිය සතියේ ජූලියව මරන්න හදපු මෙලනිට ජීවිතයට සමුදෙන්න සිද්ධ උනේ ක්‍රිස්ටීන්ගේ පිහි ඇනුම නිසා. ඒ අතර ඊවා විසින් පොලව යට හංගලා තිබුණ කැමරාවක් සොයා ගත්තා මතක ඇති. කොහොමහරි, බිග් ජිම් ඒක හොරකම් කරලා බලනකොට කතා මාලවට තවත් අළුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි ක්‍රිස්ටීන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක් නෙවෙයි කියන එක. ඇය බිත්තරය ස්පර්ශ කිරීමෙන් පසුව යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා. කතාව ඔහොම ගලා ගෙන යද්දි බිග් ජිම්ට මේ ඔක්කොම එපා වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා කුරුළු දූපතට යන්න තීරණය කරනවා. කතාව අවසානයේ පෙන්නුවෙ ක්‍රිස්ටීන්ගේ සංඥාවක් නිසා හැම කෙනෙක්ම එයාගේ අණසකට යට වෙලා එකතැනකට රැස් වෙලා හිටපු ආකාරය.
අද එතැන් සිට කතාව බලන්නකෝ. කලින් දවසේ රෑ මොකද උනේ කියලා කාටවත් හරියට පැහැදිලි කරන්න බැහැ. මේ අතර ගොඩක් දේවල් විනාශ වෙලා නිසා කෑම හිඟයක් ඇති වෙන්න යනවා. ඒකට විසඳුමක් හොයා ගන්න බාර්බි තව කෙනෙක් එක්ක නගරය පුරා ඇවිදිනවා. මේ අතරේ ක්‍රිස්ටීන් ගේ වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික පැහැදිලි කරනවා. බිග් ජිම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අදත් කතාව අවසාන කරන්නෙ මේ නූල් බෝලෙ ලිහා ගන්න නෙවෙයි. තවත් පැටලෙන විදියට. එහෙනම් මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙනම බලන්නකෝ
Thursday, October 15, 2015
Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ
ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා සහ බිග් ජිම්ගේ උදව්වෙන් බිත්තරය විනාස කරලා කෝෂ ඇතුලෙ හිර වෙලා හිටපු අයව එළියට ගන්න එකනේ. අද එතැන් සිට කතාව බලන්නකෝ. අද ගුහාවෙන් එළියට එන අය තාමත් ඉන්නෙ බාධකය ඇතුලෙද? නගර වැසියන් අත්විඳි දේ ඇත්තමද? ඒ ගතකරපු කාලය කොහොම බලපෑමක් එල්ල කරනවද? මෙන්න මේ ප්‍රශ්ණ වලට අද කතාව තුලින් උත්තර හොයා ගන්න පුළුවන්. අදත් කතාව ඉවර වෙන්නෙ හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් ඉතිරි කරමින් සහ කුතුහලය වැඩි කරමින්.
ඔයාලට මතක ඇති කතා මාලවට අළුතින් දෙදෙනෙක් ඇතුල් කරලා තිබුණා. ඒ අය කවුද කියලත් අද පොඩි ඉඟියකින් දැනුම් ගන්න පුළුවන්. එහෙනම් අද සබ් එක ටිකක් පරක්කු නිසා මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙන ම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 4 වන කොටසත් එක්ක මුණ ගැහෙමු.
Under the Dome [S03 E01/E02] | යථාර්තයට මුහුණ දීම [සිංහල උපසිරැසි සමඟ
ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි කෙරුවාව ආරම්භ උනේ මේ කතාවෙන් නිසා කොච්චර කාර්යබහුල උනත් ඔන්න 3 වෙනි අදියරයටත් අත ගැහුවා. අදියර දෙකක කොටස් 26 ක් පුරාවට අපි ඇමෙරිකාවෙ චෙස්ටර්ස් මිල් කියන කුඩා නගරයට කඩා වැටුණු විනිවිද පෙනෙන බාධකයක් ගැන 2013 වසරේ සිට නැරඹුවා. ආරම්භයේ සිට මේ කතාවට උපසිරැසි ගෙනාවෙ පුබුදු සහෝ. ඔහුවත් මතක් කරගෙනම දෙවන අදියරය අවසාන උනේ කොහොමද කියලා මතක නැති අයට මම බොහොම කෙටියෙන් කතාව මතක් කරන්නම්.
දෙවන අදියරය වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට ලැබුණා. පාසල් කාලයේ සෑම්ගේ පෙම්වතිය උන මෙලනි මිය ගියාට නැවත වර්තමානයේ උපන්නෙ බාධකය එක්ක ඇයගේ ලොකු සබඳතාවයක් ඇති බව පෙන්වමින්. කොහොමින් කොහොම හරි නගරයේ සියළු දෙනා එකතු කරගෙන බාර්බිගේ මූලිකත්වයෙන් උමඟ දිගේ ගිහින් බාධකයෙන් එළියට යන්නයි සූදානම. ඒත් ඉතින් හැම කතාවකම මොන හොඳ දේ කරන්න ගියත් දුෂ්ටයා කඩා පාත් වෙනවා වගේ බිග් ජිම් බොහොම දරුණු කෙනෙක් වෙනවා පෝලීන් මිය ගියාට පස්සෙ. හැමෝම එළියට යන්න සූදානමින් යන අතරේ ජූලියා, ජූනියර් සහ බිග් ජිම් හැර අනෙක් අයට උමගේ කෙළවරකට ළඟා වෙන්න හැකියාව ලැබෙනව
Download Sinhala Subtitle
The Flash [S02 : E02] with Sinhala Subtitle | ලෝක දෙකක්, ෆ්ලෑෂ්ලා දෙන්නෙක්. සිංහල උපසිරැසි සමඟ
ඔයාලා හිතන්න ඇති නේද ඩොක්ටර් වෙල්ස් එක්ක සිද්ධ වුන සටනින් පස්සේ හැම දේම හොදින් වෙන්න ඇති කියලා. ඇත්තටම හැමදේම එදා ඉදන් නරක අතට හැරුනා. ඒ හැම දේම නිසා අපිට රොනීවයි එඩීවයි නැතිවුනා. එයාලා වගේ අනිත් අයටත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුන නිසා මම තනියම සෙන්ට්‍රල් නගරය අපරාධකාරයන්ගෙන් බේරාගන්න උත්සහ කලා. කේට්ලන්, සිස්කෝ වගේම ජෝත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඒත් හදිසියේම න්‍යෂ්ටික බලාගාරයක ඉන්න රොත්ස්ටයින් කියන මිනිහෙක් හොයාගන්න බැරි දෙයකින් මරලා දාලා තිබුනා.
ඔය අතරේ නගරයේ නගරාධිපති තුමා මං වෙනුවෙන් මං කරපු හොද වැඩ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තිබුනා “ෆ්ලෑෂ් ඩේ” කියලා. ඒ වෙලාවේ නගරාධිපතිතුමා මට නගරයේ යතුර ඒ කියන්නේ නගරයේ භාරකාරිත්වය මට බාරදෙන්න ලැස්තිවෙලයි හිටියේ. ඒත් කවුරුවත් නොහිතපු විදියට අරුම පුදුම මිනිහෙක් ඇවිත් අපිට පහර දුන්නා. නිකන් කෙනෙක් නෙවෙයි ඇගෙන් පතෙන් ඉන්නවාට වඩා ලොකු වෙන්න පුලුවන් මිනිහෙක්. පුදුමම දේ තමයි ඒ මිනිහා වෙන කවුරුත් නෙවෙයි අර න්‍යෂ්ටික බලාගාරයේ මරලා දාලා හිටපු රොත්ස්ටයින් වුන එක. මම ඒ මිනිහව තනියම නවත්වන්න හැදුවා. හැබැයි ඉතින් තව ටිකෙන් මම මැරිලා තමයි නවතින්නේ. ඒ වෙලාවේ තමයි මටත් අපේ කණ්ඩායම හිටියා නම් හොදයි කියලා හිතුනේ. ඉතින් මාස 6කට පස්සේ අපි හැමෝම ආයෙත් කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ කණ්ඩායම් එකමුතුවෙන් අපිට රොත්ස්ටයින් නවත්වන්න පුලුවන් වුනා. හැබැයි එයා කියපු විදියට මාව මරන්න එයාව එවලා තියෙන්නේ සූම් කියලා කෙනෙක්ලු.
ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් මට ඉතිරි කරලා ගියපු, මගේ අම්මා මැරුවා කියලා පාපොච්චාරණය කල විඩියෝ එක නිසා මට මගේ තාත්තව හිරෙන් නිදහස් කරගන්නත් පුලුවන් වුනා. හැබැයි තාත්තා නම් දිගටම ගෙදර ඉන්න කැමති වුනේ න
The Flash S02 E02 Download
The Flash S02 E02 Sinhala Subtitles
Tuesday, October 13, 2015
The Flash [S02 : E01]
ඔය අතරේ තමයි මම හොයාගත්තේ මගේ අම්මව මැරුවේ රිවස් ෆ්ලෑෂ් කියලා. මට මෙයාව කිප සැරයක්ම මුණ ගැහුණත් එයා මට වඩා වේගවත් වගේම ශක්තිමත් වැඩි නිසා ඒ හැම වෙලාවෙම මට එයාව අල්ලාගන්න බැරිවුනා. ටික කාලයක් යද්දි කවුරුවත් නොහිතපු විදියට මට දැනගන්න ලැබුනා මේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි STAR ලැබ් එකේ මගේ ලගින්ම හිටපු ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් වෙල්ස් ගැන මට පුදුම තරහක් තමයි ඇතිවුනේ. එයා මේ හැම දේම කරලා තියෙන්නේ අනාගතයෙන් ඇවිත් මේ කාලයේ දි හිරවුන නිසයි. එයාට අනාගතයට යන්න පාරක් හදාගන්න ඉත්තෙක් විදියට මාව පාවිච්චි කරලා. අන්තිමේට එයා එයාගේ කාලයට පැනලා යන්න හදද්දි මම එයාව නවත්වන්න උත්සහ කලා. එතකොට එයා මාව මරන්නයි හැදුවේ. හැබැයි එඩී එයාටම වෙඩි තියාගත්ත නිසා ඩොක්ටර් වෙල්ස්
නැතිවෙලා ගියා. මොකද එඩී ඩොක්
Dead Rising Watchtower (2015) සිංහල උපසිරැසි සමගින්
ආපහු තවත් චිත්‍රටියක් අරන් තමයි ආවේ. මේ වගේ චිත්‍රපටි දාන්න ගියාම ගෙදරිනුත් බැනුම් අහනවා මොනාද මේ බලන්නේ කියලා එත් ඉතින් ඇඩ්මින් කිව්වාම නොකරත් බැහැ නේ. මේක කොහොමත් කලින්ම ඔයාලාට ලැබෙන්න තිබ්බා නමුත් අලුතින් සබ් දාන්න ආව කෙනෙක් බාර ගෙන කරලා දිලා නැහැ.ඉතින් එහෙම සබ් කරන්න බැරි නම් දන්වලා එවන එක වටිනවා මට මේ චිත්‍රපටිය කරන්න බැහැ කනගාටුයි කියලා වත්. මමත් එහෙම කියනවා සමහර විට වැඩක් වැටුනොත්. හැබැයි පස්සේ අන්තිමට කරලාම දෙනවා මතකනේ Pitch Perfect ෆිල්ම් එක.
ෆිල්ම් එක ගැන කියනවා නම් ඔයාලා Xbox ක්‍රිඩා පේලේ කරන්න ඇබ්බැහි උන කෙනෙක්ද? එහෙනම් මේ චිත්‍රපටිය බලද්දි ඔයාලා පේලේ කරපු Dead Rising ගේම් එක මතක් වේවි. චිත්‍රපටිය තනිකරම මේ විඩියෝ ක්‍රිඩාව එහෙම පිටින්ම හදන්න තමයි උත්සහා කරලා තියෙන්නේ.එකේ ආයුධ මතක ඇතිනේ... එවා එහෙම මේ චිත්‍රපටියෙත් දකින්න පුලුවන් වේවි. මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් ඇමරිකාවේ එකතරා නඟරයක සොම්බි ග්‍රහනය වැඩිවෙලා තියෙන්නේ. නමුත් සපාකෑ විඟස බෙහෙත් කලොත් මේකෙන් බේරෙන්න පුලුවන්. එහෙම බෙහෙත් ගත්ත අය ගොඩක් ඉන්නවා. මේ අයට දවස ගානේ ප්‍රතිකාර කරන්න ඕන අනිවාර්යෙන්ම. චෙස් හා ජොර්ඩන් කියන්නේ වාර්තාකාරයන් දෙන්නෙක් මේ අය මේ බෙහෙත් ගන්න තැන මිනිසුන්ගේ තත්වය ගැන වාර්තා කරන්න එතැනට යනවා.නමුත් එක පාරටම බෙහෙත් අරගෙන ඉන්න අය සොම්බින් වෙන්න පටන් ගන්නවා. බෙහෙතේ ක්‍රියාකාරිත්වය අඩුවෙලා වගේ දෙයක් තමයි වෙන්නේ. බෙහෙත් වලින් තව දුරටත් ඵලක් නැති වෙනවා. එක එක කෙනා ආපහු සොම්බිවෙන්න පටන් ගන්නවා. චෙස් හා ජොර්ඩන් තමන්ගේ ජිවිතේ බෙරගන්න පැනලා යනවා. මේ අතට ක්‍රිස්ටල් කියලා ගැණු ළමයෙකුත් හම්බවෙනවා. කතාව කිව්වොත් රසවත් නැහැනේ. රේටින් අඩු උනාට මඟහැරගන්න එපා. සොම්බි ෆිල්ම් වලට කැමැති අය බලන්න. අනික මේකේ ෆයිට් තනිකර කම්පියුටර් ගේම් එකක් වගේම තමයි. එහෙනම් ෆිල්ම් එක බලන්නකෝ අරන්.
Sinhala උපසිරැසි මෙතැනින් ලබාගන්න.
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.
850MB Direct Links මෙතැනින් ලබාගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි
Vaalu (2015) Sinhalan
මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Silambarasan (Simbu) හා Hansika Motwani විසිනි. ඊට අමතරව Santhanam මෙහි චරිතයක් නිරුපණය කරනවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන්න තිබිලා පොඩ්ඩක් ප්‍රමාද වෙලා තමයි නිකුත් උනේ. මේ චිත්‍රපටිය Vijay Chander විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.මේ චිත්‍රපටිය නිකුත් උනේ ඊයේ අපි දුන්න දෙමළ චිත්‍රපටිය තිරගත විම හා සමඟාමිවයි. චිත්‍රපටි දෙකේම සන්තානම් ඉන්න එකත් කැපිලා පේන දෙයක්. කතාව ගැන කියනවා නම් ශක්ති කියන්නේ විනෝදෙන් ඉන්න කෙනෙක්. මෙහෙම ඉද්දි තමයි ඔහුට ප්‍රියාව හම්බවෙන්නේ. ප්‍රියාට ශක්තිගේ හිත යනවා එත් ප්‍රියාට නම් ශක්තිට කැමැති වෙන්න බැරි වෙනවා. ඒකට හේතුවක් තියනවා. ඒ හේතුව මොකක්ද කියන එකයි සේරම දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්
Monday, October 12, 2015
Pravegaya සිංහල චිත්රපට බdownload
සුබ දවසක් යාලුවනේ !!
ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ...
ඔයාල මේක Download කරල බලන්න.











