Friday, October 23, 2015

The Flash [S02 : E03] with Sinhala Subtitle | තක්කඩි පවුල. [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න ඉතින් අපි කට්ටියම කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න හිතුවා විතරයි හොන්දෝ ආපු කෙනෙක් ස්ටාර් ලැබ් එකට අපිව පුදුම කරගෙන ආවා. එයාගේ නම ජේ ගැරික් කියලයි කිවේ. ඒ විතරක් නම් කමක් නෑ. එයා තව අපේ පෘඵිවිය වගේ ලෝකයකින් ආවේ, එයා ඒ ලෝකයේ ඉන්න ෆ්ලෑෂ් ඒ වගේම ඒ ලෝකයේ ඉන්න නපුරා සූම් කියලා කිවා. මේවා නම් අපි හැමෝටම විකාර වගේ තමයි තේරුනේ. ඒ නිසා එයාට අපි පරික්ෂණ ගොඩක් කලා වගේම මෙටා මිනිස්සු හිරකරන කුටියක දාලයි තිබුනේ
ඔය අතරේ අපේ නගරයේ ගින්නක් ඇතිවෙලා ඒ ගින්න නිවන්න ගියාම හිතුවෙවත් නැති අත්දැකිමකට මට මුහුණ දෙන්න වුනා. තමන්ගේ ඇග වැලි වගේ හදාගන්න පුලුවන් මෙටා මිනිසෙක් මට පහර දුන්නා. හැබැයි එයාව අල්ලාගන්න නම් බැරිවුනා. මේ දේ අපිට පුදුමයක් වුනාට ගැරික්ට නම් පුදුමයක් වුනේ නෑ. මොකද මේ මෙටා මිනිසා එයාගේ ලෝකයෙන් අපේ පෘඵිවියට සූම් ගෙනත් දාපු මෙටා මිනිසෙක් නිසා. එයාගේ නමින් සෑන්ඩ් ඩිමන්ඩ්. ඒ කෙනාට තමන්ගේ ඇගේ තියෙන සෛල ගොඩක් ඝන කරලා ඕනි විදියකට පාවිච්චි කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි ‍ගැරික් අපිට කිවේ.
ඉතින් කොහොම හරි ජෝ අර සැන්ඩ් ඩිමන්ඩ්ව අල්ලා ගත්තා. හැබැයි පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේ අපේ ලෝකයේ ඉන්න ඒ වගේම කෙනා කියලා. එයාව නිදහස්කලා විතරයි සැන්ඩ් ඩිමන්ඩ් ඇවිත් ජෝට පහර දිලා එයාගේ සහයිකාව පැටිව පැහැරගෙන ගියා. ඉතින් අපි කොච්චර උත්සහ කලත් අපිට පැටිව හංගාගෙන ඉන්න තැන හොයාගන්න බැරිවුනා. ඒත් සිස්කෝ බලාගෙන කියනවා වගේ ඒ අය ඉන්න තැනත් එතනදි වෙන්නේ මොකක්ද කියලත් අපිට කිවා. තැන දැනගත්ත නිසා අපි හැමෝම සැන්ඩ් ඩිමන්ඩ් අල්ලාගන්න සැලැස්මක් හැදුවා. ඒ තමයි එයාව ‍ගැරික් ලවා වෙන පැත්තකට යවලා පැටිව බේරාගෙන ෆ්ලෑෂ්ගේ වේගයේ බලයෙන් අකුණක් යවලා සැන්ඩ් ඩිමන්ඩ්ව විනාශ කරලා දාන්න. ඉතින් අපි සැලසුම් කලා වගේම සැන්ඩ් ඩිමන්ඩ්ව පරද්දන්න අපිට පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි මහාචාර්ය ස්ටේනුයි අනිත් කාල විවර තියෙන තැන් හොයාගන්න විදියක් හොයාගත්තා. එයාලා හොයාගත්ත විදියට ඒ කාල විවර වලින් ලොකුම එක තියෙන්නේ ස්ටාර් ලැබ් එක ඇතුලේමයි.
The Flash [S02 : E03] Sinhala Subtitle
http://www.zoom.lk/forums/downloads.php?do=file&id=2561

The Flash [S02 : E03] Download
http://adf.ly/1QUG9W

No comments:

Post a Comment