Saturday, October 31, 2015

Hitman Agent 47 (2015) සිංහල උපසිරැසි සමගින්


හිට්මෑන් කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. හිට්මෑන් ලෝකයට ආවෙ මුලින්ම පරිඝනක ක්‍රීඩාවකින්නේ. ලෝකෙ පුරාවටම විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් හිට්මෑන් එක්ක එකතුවුනා. කොච්චර මේ පරිඝනක ක්‍රීඩාව ජනප්‍රිය වුනාද කිව්වොත් 2007දි Hitman චිත්‍රපටියකුත් නිපදවෙනවා. Hitman: Agent 47 කියන්නෙත් හිට්මෑන් පරිඝනක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවපු ජර්මන්-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටයෙදිත් ප්‍රධාන චරිතය වන්නෙ නියෝජිත අංක 47. චිත්‍රපටිය අගෝස්තු 21 වැනිදා නිකුත්වුනේ.
දශකයකට කලින් මහාචාර්ය ලිට්වෙන්කෝ තමයි ක්ලෝන සොල්දාදුවන් නිපදවස වැඩසටහනේ ප්‍රධානියා. සුපිරි ශක්තියෙන්, වේගයෙන්, බුද්ධියකින් වගේම හැඟීම් පවා දැනෙන පරිදි මේ සොල්දාදුවන් නිපදෙව්වා. නමුත් යම්කිසි හේතුවකට ඔහු අතුරුදන් වෙනවා. ඔහුගේ දුව කාටියා තනිවම අතෑරලා දාලා.
නියෝජිත 47ත් මෙතනදි සම්බන්ධ වෙනවා. ඔහු සහ කාටියා එකතුවෙලා කාටියාගෙ තාත්තව හොයාගන්න ඕන. මොකද තවත් කෙනෙක් මෙහිදි ක්ලෝන සොල්දාදුවන් නිර්මාණයට සූදානම් වෙනවා. ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති ඔයාලට වගේම හිට්මෑන් ක්‍රීඩාවට ආදරය කරන ඔයාලත් මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඹන්න ඕන. චිත්‍රපටය ඉවර වෙනකල්ම ඇක්ෂන් පිරිණු ලස්සනම ලස්සන කතාවකුත් ගලාගෙන යන සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.
චිත්‍රපටියේ උපසිරැසියේ වැඩිම කොටස කලේ අපේ අවිඳු. එයාට වැඩිස ස්තුතිය හිමිවෙන්න ඕන. එහෙනම් බලලා අදහසකුත් කියලම යන්නකෝ. ඊළඟ චිත්‍රපටයෙනුත් ඉක්මනින්ම අපි හමුවෙනවා ඔයාලාව. එතකල් ජය!
උපසිරැසි නිකුත් කර ඇත.
Download Sub
http://www.zoom.lk/forums/downloads.php?do=file&id=2568

http://adf.ly/1QqKNr

No comments:

Post a Comment