Friday, November 27, 2015

Freddy vs. Jason (2003) with Sinhala Subtitle | ගින්නෙන් දැවෙනවද? වතුරෙ ගිලෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

 

මේ ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2003. හෙන පරණයි කියල හිතුවට මේකෙ පට්ට ෆිල්ම් එකක්. fantasy and horror ගණයට වැටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරේ ronny yu. මේක ඔයාල බලලා තියන a night mare on the elm street එකෙයි Friday the 13th (2009) එකෙයි එකතුවක්. ඒ කියන්නෙ cross-over එකක්. මේකෙ ෆ්රෙඩී කෲගර් ගෙ චරිතෙට පණ දෙන්නෙ robert englund. ජේසන්ගෙ චරිතෙට පණ දෙන්නෙ ken kirzinger. මේකේ තව kelly rowland, jason ritter, lochlyn munroe වගේ නලුවො ගොඩාක් ඉන්නවා. කතාව පටන් ගන්නෙ freddy kreuger ට ආපහු එන්න ශක්තිය නැති හන්ද friday 13 ෆිල්ම් එකෙ දුශ්ටයා වෙන jason worchees ට ෆ්රෙඩි පණ දෙන එකෙන්. ෆ්රෙඩී හදන්නේ ජේසන් ලවා මිනී මරවලා, මිනිස්සුන්ට ෆ්රෙඩී කෲගර් තමා එවා කරේ කියල එත්තු ගන්නලා මිනිස්සුන්ව බය කරන්න. මොකද එතකොට තමා ෆ්රෙඩීට ආපහු එන්න පුලුවන්. මෙහෙම එන ජේසන් ලෝරිගෙ ගෙදරදි ට්‍රේ කියල කොලුවෙක් මරල දානවා. ඒ කවුද? ලෝරි කවුද? කියල කතාව බලද්දි තේරේවි. මෙහෙම මිනී මරන්න පටන් ගත්තම ජේසන්ව නවත්ත ගන්න බැරි වෙනවා. freddy kreuger ටත්. ඊට පස්සෙ දෙන්න ගහගන්නව ළමයි අයිති එයාලට කියලා. ඉතින් මේ නගරේ ඉන්න ළමයි දෙන්නගෙන්ම බේරිලා ඉදීද?? අන්තිමට මොනා වෙයිද?? කියල කතාව බලලම හොයාගන්න. හොද නම් කොමෙන්ටුවක් දාල යන්න. ආහ් කියන්න අමතක වුනා. මේකේ භාශාව පරිවර්තනය කරද්දි නම් මම සෑහෙන්න උත්සහ කරල වචන පරිස්සමෙන් දැම්ම පොඩි උන් බලනවනෙ කියලා. ඒත් මේකෙ තියන සමහර දර්ශන නිසා 18 න් උඩ අයට වඩාත් හොදයි කියල තමා කියන්න වෙන්නේ. ඒත් ඉතින් හොරර් ෆිල්ම් එකක් නැති තරම් ඒ වගේ දර්ශන නැති.

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න.


1.3 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න.

A Nightmare On Elm Street Part 01 (1984) SinhalaSubtitles



ඔන්න නව පරපුරෙ පමණක් නොව පරණ පරපුරෙ අය පවා භීතියට පත් කළ සුපිරි හොල්මන් කතාවක් තමයි මේ දෙන්න යන්නේ. කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපට සීරියස් එකක සිංහල උපසිරැසි ජනසතු වීමේ ආරම්භය තමයි අද මම මේ පා තබන්නේ. කවුරු කොහොම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් උපසිරැසි දෙන්න හැදුවත් ප්‍රේක්ෂකයන්ට ආදරයක් තිබෙනවා නම් මේ චිත්‍රපටයට අනිවාරයෙන්ම උපසිරැසි ලබාදී තිබිය යුතුයි. එහෙත් තවමත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසියක තිබහින් සිටි මේ චිත්‍රපටයට දැන් ඔන්න මගේ අතින් උපසිරැසි දෝතක් දෙන්න තමයි මුලපුරන්නේ. 

කතාව ගැන කියන්න දෙයක් නෑ මං හිතන්නේ. ලොකු පොඩි හැමෝම දන්න හොල්මන් කතාවක් තමයි මේක. ඒ වගේම තවමත් මෙවැනි ආකාරයෙන් වෙනස්ම හොල්මන් චිත්‍රපයයක් ලෝකයේ නිර්මාණය වුනේ නැති තරම්. ටිකක් විතර මොලේ කර කරන ජාතියේ චිත්‍රපයක් තමයි මේක. ෆ්‍රෙඩ් කෘගර් කියන මනුස්සයා ළමා හිංසනයට හංවඩු ගැහුනු, ළමුන් බොහෝ දෙනෙක් අමු අමුවේ මරා දැමූ මිනී මරුවෙක්. ඉතිං මේක ආරංචි වුන දෙමාපියන් ඔහුව පණ පිටින් පුච්චනවා. හැබැයි ඔවුන් ජීවත් වන ‘එල්ම් ස්ට්‍රීට්‘ කියන පැත්තෙ ලමයින්ට නම් විසුමක් වන්නෙ නැහැ. මොකද ෆ්‍රෙඩ් හොල්මනක් වෙලා ඒ පැත්තෙ සිටින දරුවන් දඩයම් කරන්න ගන්නවා. ඉතිං අපි බලමු ෆ්‍රෙඩ් ඒ දරුවන් දඩයම් කරන්නෙ කොහොමද? දඩයම් කරන්න ලැබෙයිද කියලා.

ඡන්ද 117,343 ක් ලබාගනිමිනි IMDb වෙබ් අඩවියේ හොල්මන් චිත්‍රපටයකට හිමිවිය යුතු ඉහලම ස්ථානයක් වන 7.5 ක් ලබාගනිමින් ඉහලින්ම ස්ථානයේ වැජඹෙනවා. හරියටම වසර 30 ක් සම්පූර්ණ වෙලත් චිත්‍රපටයේ ගෞරවය උපරිමයෙන්ම ආරක්ෂා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එමෙන්ම අධ්‍යක්ෂණය හා තිර රචනය යන දෙකම හොබවලා තිබෙන්නේ Wes Craven විසිනුයි. ඔහු මේ චිත්‍රපට මාලාවෙ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තිබෙනවා. එහෙනම් අදට ඇති. අනෙක් කතාවෙන් ළඟදීම හමුවෙන්නම්. කතාව හොඳින් රස විදින්නකෝ..
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න 

Thursday, November 19, 2015

The Flash [S02 : E07] with Sinhala Subtitle | ගෝරිල්ලා සටන. [සිංහල උපසිරැසි සමඟ]


කොහොම හරි සූම්ව අල්ලාගන්න කියලා හිතලා අපි ඩොක්ටර් ලයිට්ව අල්ලාගත්තා. හැබැයි ඉතින් එයා එයාගේ බලයන් පාවිච්චි කරලා නොපෙනී අපේ ලැබ් එකෙන් පැනලා ගියා. ඒ වෙනකන් අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එයාට නොපෙනී ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. කොහොම හරි අපි සූම්ව අල්ලාගන්නත් ඕනි. ඒ නිසා අපි හිතුවා ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට වෙස් ගන්වලා සූම්ව අල්ලා ගන්න. හැබැයි ඉතින් ඒක හිතපු තරම් ලේසි වැඩක් නම් වුනේ නෑ. මොකද ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට පුහුණු කරන එක තරම් අමාරු වැඩක් නම් තවත් තිබුනේ නෑ. ලින්ඩාට නපුරුකම කියන එක නාමයක්වත් ගෑවිලා නැති නිසා තවත් මේක අමාරු වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි අපිට එයාව යම්කිසි මට්ටමකට පුහුණු කරන්න පුලුවන් වුනා. බැයැයි ඉතින් එයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න මට මම ෆ්ලෑෂ් කියලා එයාට කියන්න වුනා. ඒ දේ නිසා ලින්ඩා නම් ගොඩක් පුදුම වුනා වගේ.

ඒ වගේම මේ හැමදේම වෙද්දි සිස්කොටයි, කේට්ලන්ටයි වගේම ජෝටත් ඩොක්ටර් වෙල්ස් ගැන සැකයක් ඇතිවුනා. වෙල්ස් මොනවා හරි දෙයක් අපෙන් හංගාගෙන ඉන්නවා කියලයි එයාලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා සිස්කෝ කොහොම හරි අමාරුවෙන් වෙල්ස්ගේ අතින් අල්ලලා කම්පනයක් (vibe) එකක් බැලුවා. ඒකෙන් පෙනුන විදියට මේ හැමදේම වෙල්ස් කරන්නේ එයාගේ දුවව සූම් තියාගෙන ඉන්න නිසයි වගේ. ඔය අතරේ සූම්ව උගුලට අහු කරගන්න වැඩේ අපි කරන්න ගත්තා. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් අපි ඒ රගපෑම හොදට කලා. ඒත් ඉතින් සූම් නෙවෙයි එතනට ආවේ. ඒ නිසා අපි ඒ වැඩේ අතැරලා දැම්මා.

හැබැයි කවුරුවත් නොහිතපු විදියට වෙන වෙලාවකදී සූම් මතුවෙලා ලින්ඩාව පැහැරගෙන ගියා. එයා ඇවිත් මට අභියෝග කලා. ඉතින් මට කරන්න පුලුවන් උපරිම හොදම දේ වුන තන්ඩර් බෝල්ට් එකකින් මම සූම්ට පහර දුන්නා. හැබැයි ඉතින් එයා විශ්වාස කරන්න බැරි විදියට ඒක ආපහු අල්ලලා මගේ පැත්තට දමලා ගැහුවා. ඒ විතරක් නෙවෙයි එයා ‍මාව අල්ලාගෙන හොදටම පහර දුන්නා. මට සිරම් එක විදලා මගේ කොන්දත් කඩලා දැම්මා. තව සෙන්ට්‍රල් සිටි නිව්ස් වලට ගිහින් මගේ දුර්වලකම් කිවා. තව පොලිසියට ගිහින් මාව තවත් නෝන්ඩි කරලා දැම්මා. අන්තිමේට ස්ටාර් ලැබ් එකට ඇවිත් අනිත් අය හැමෝම ඉස්සරහා මාව මරන්නයි හැදුවේ. හැබැයි ඉතින් සිස්කෝට පින්සිද්ධ වෙන්න මම බේරුනා. මොකද එයා සිරම් එක සූම්ට විදපු නිසා. කොහොම හරි එතනින් සූම් පැනලා ගියා. හැබැයි ඉතින් මට නම් හොදටම අමාරු වුනා. නොමැරී බේරුනත්… මට මගේ ඉනෙන් පල්ලෙහා මොකුත්ම දැනෙන්නේ නෑ.

161 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

233 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Tuesday, November 17, 2015

The Flash [S02 : E04] with Sinhala Subtitle | ෆයර්ස්ට්‍රෝම්. [සිංහල උපසිරැසි සමඟ]

නගරය පුරා තියෙන විවර වලින් ලොකුම විවරය තියෙන්නේ ස්ටාර් ලැබ් එක යට පාදමේ කියලා මෙයාලා හොයාගත්තා. හැබැයි ඒක හරියට විවර වෙලා නෑ. ඒ නිසා ජේට මේක පාරක් විදියට පාවිච්චි කරන්න බැරිවෙයි වගේ. හැබැයි ඒ දොර විවෘත කරගන්න විදියක් ජේ හොයාගන්න උත්සහ කරනවා. ඔය අතරේ අයරිස්ගේ අම්මා එහෙමත් නැත්නම් වෙස්ට්ගේ බිරිඳ ෆ්‍රැන්සින් එකපාරටම සෙන්ට්‍රල් නගරයට එනවා. එයා ඇවිත් කියන්නේ එක දෙයයි. ඒ එයාගේ දුව මුණගැහෙන්න ඕනි කියලයි. හැබැයි ‍වෙස්ට් මේකට කැමති වෙන්නේ නෑ එයාට යන්න කියලමයි කියන්නේ.
ඔය අතරේ එකපාරටම සෙන්ට්‍රල් නගරයට ලෙනාර්ඩ් නැත්නම් කැප්ටන් කෝල්ඩ්ගේ නංගි ලීසා ඇවිත් ෆ්ලෑෂ් ටිම් එකෙන් උදව්වක් ඉල්ලනවා. එයා කියන කතාවට නම් මෙයාලා හැමෝටම පිස්සු හැදෙනවා. එයා කියන්නේ එයාගේ අයියා ලෙනාර්ඩ් පැහැරගෙන කියලයි. ඒ ගැන හොයන්න ගියපු ෆ්ලෑෂ්ට වෙන්නේ කැප්ටන් කෝල්ඩගෙන් අයිස් පාරක් කන්නයි. සිස්කෝගේ අලුත් ඇදුම නිසා බෙරී නොමැරී නූලෙන් බේරෙනවා. මේ සිද්ධිය නිසා මේ හැමෝටම ලිසා ගැන තරහක් ඇති වෙනවා. හැබැයි ඉතින් එයා එයාගේ තාත්තා කොයි තරම් දරුණුද කියලා මෙයාලට කිවම ආයෙමත් ෆ්ලෑෂ් ලිසට උදව් කරන්න කැමති වෙනවා. කොහොම හරි ලෙනාර්ඩ් එයාගේ තාත්තගේ කිමට ලොකු මං‍කොල්ලයක් කරන්නයි යන්නේ. හැබැයි ඉතින් සැලසුම් කරපු තැන වුන කතාවක් නිසා එයාලගේ තාක්ෂණික වැඩ කරන කෙනා මරලා දැම්මා. නිකන් නෙවෙයි එයාගේ ඔලුව පුපුරවලා දාලා. මේ මිණිය දැකලා ඒ ගැන පරික්ෂා කරපු ෆ්ලෑෂ් ටිම් එකේ අයට තේරෙනවා ලෙනාර්ඩ් ඇයි එයාගේ තාත්තත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ලෙනාර්ඩ්ගේ නංගි ලීසගේ ඔලුවෙත් අර වගේ බෝම්බයක් හයි කරලා තියෙන නිසයි. ලෙනාඩ්ර් එයාගේ තාත්තා කියන මොකක් හරි කරන්න බෑ කිවොත් ලිසගේ ඔලුව පුපුරලා මරලා දානවා කියලා බය කරගෙනයි ඉන්නේ.
කොහොම හරි අන්තිමේට මෙයාලා මංකොල්ලය කරන්න යනවා. හැබැයි මෙයාලගේ තාක්ෂණික වැඩ කරන කෙනා අඩු නිසා ඒ තැනට බෙරී යනවා. වෙන මොකටවත් නෙවෙයි ලෙනාර්ඩ්ගේ තාත්තව පරද්දලා දාන්නයි. කොහොම හරි ලෙනාර්ඩ්ගේ උදව්වෙන් බෙරීට ලෙනාර්ඩ්ගේ තාත්තව පරද්දන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිසත් එයාලට සමු දිලා යනවා. ඔය අතරේ අර විවරය ගැන බලපු ජේට ඒ විවරය ස්ථාවර කරගන්න පුලුවන් වෙනවා. එයා ඒ විවරය හරහා සමු දිලා යන්න හදද්දි ‍‍ෆ්ලෑෂ් ටිම් එකේ අය නම් එයාට කිවේ සූම් අල්ලාගන්නකම් එයාලට උදව් කරන්න කියලයි. ඒ නිසාම ජේ නවතිනවා. හැබැයි මේ විවෘත කරපු විවරයෙන් අපි හොදටම දන්න අමුත්තෙක් බෙරීගේ ලෝකයට එනවා.

327 MB (x264) කොපිය මෙතනින් බාගන්න



උපදෙස්  සිංහලෙන්ම මෙතන බාගත කරගන්න

Friday, November 13, 2015

Supergirl [S01 : E02] with Sinhala Subtitles | එක්ව ශක්තිමත්ව…… [සිංහල උපසිරසි සමඟ]


ඉතින් යාළුවනේ. සුපර් ගර්ල් අරන් ආවා ඔන්න. මේකෙ මුල් කොටස නොහිතපු වෙලාවක නිකුත් වුන හන්දා  ටික කාලෙකට කලින් නෙ දුන්නෙ. නමුත් කතාව විකාශය වෙන්න පටන් ගත්තෙ ගිය මාසෙ 26 වෙනිදා. ඒ දුන්නෙත් කලින් නිකුත් වුන කොටසමයි. ඉතින් අළුත් කොටස ඒ කියන්නෙ දෙවනි එපිය විකාශය වුනේ නොවැම්බර් 2 වෙනිදා. උපසිරසිය නම් පරක්කු වුනාද මන්දා. ඒත් හවස 6.30ට ගෙදර ඇවිත් කරලා එවනකොට මේ වෙලාව වෙනවා. :/  ඒ වගේම හදිස්සියෙන් කරන නිසා අඩුපාඩුත් තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕන. එහෙනම් බලමුකො කතාව.
මතකයිද දන්නෙ නෑ පළවෙනි කොටස ගැන. මොකද බලලා ගොඩක් කල් නෙ. පළවෙනි කොටසෙදි දැක්කෙ කොහොමද තමන්ගෙ හැකියාවන් හංගගෙන හිටිය කාරා ඩැන්වර්ස් සුපර් ගර්ල් බවට පත් වෙන්නෙ කියලා. ඒ වගේම එයාගෙ අක්කා, ඇලෙක්ස් ඩැන්වර්ස් පිටසක්වල තර්ජන වලට එරෙහිව ක්‍රියා කරන සංවිධානයක නියෝජිතවරියක්. ඒ වගේම අපට මුණ ගැහුනා සුපර් මෑන්ගෙ යාළුවා ජිමී ඔල්සන්. එයා තමයි කාරාට සුපර් ගර්ල් වෙන්න පෙළඹවීම ලබා දෙන්නෙ. ඊටපස්සෙ කාරාගෙ යාළුවා වින්. එයත් කාරාට සුපර් ගර්ල් වෙන්න උදව් කරනවා ඇදුම එහෙම හදලා දීලා. ඒ වගේම කාරා සම්බන්ධ වෙනවා ඇලෙක්ස් එක්ක එයා වැඩ කරන සංවිධානෙටත්. ඒවගේම අන්තිමට දැක්කා කාරාගෙ අම්මාගෙ නිවුන් සහෝදරිය තමයි මේ කතාවෙ කාරාගෙ ප්‍රධාන හතුරා කියලා.

අද කාතාවෙදි කාරාට/සුපර් ගර්ල්ට පුහුණු වීම් කරන්න සිද්ද වෙනවා එයා ඕන දේකට මූණ දෙන්න සූදානම් බව පෙන්නන්න. නමුත් කාරා නම් මේකට වැඩි කැමැත්තක් නෑ. මොකද එයා හිතන්නෙ එයාට බය වෙන්න කිසිම දෙයක් නෑ කියලා. ඒ වගේම නගරය බේරන්න ගිහින් මිනිස්සුන්ගෙ අප්‍රසාදයටත් ලක් වෙනවා. කතාව කියනවාට වඩා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
Supergirl S01 E02 Download
Supergirl S01 E02 Subtitles

Thursday, November 12, 2015

Supergirl [S01] සුපිරි කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13

Supergirl [S01 : E01] | සුපිරි කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. මේ කතාව අරන් එන්න වුනේ නම් හිතුවෙ වත් නැති වෙලාවක. මොකද මේ කතාව එන්න තියෙන්නෙ නොවැම්බර් මාසෙදි. නමුත් පළවෙනි කොටස ප්ලොට් කොටස, ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස දවස් දෙකකට විතර කලින් අන්තර් ජාලයට ඇවිල්ලා. මේ කතාව CBS කියන රූපවාහිනී චැනලයෙන් තමයි විකාශනය වීමට නියමිත. Flash, Arrow සහ ඉදිරියේදි එන්න තියන Legends of Tomorrow කතා මාලා අධ්‍යක්ෂණය කරන Andrew Kreisberg ම තමයි මේ කතාවත් කරන්නෙ.සමහරවිට ෆ්ලෑෂ් කතාවලට සූපර්ගර්ල් එන්න බරිත් නැ කියලයි ආරංචි මාර්ග තියන්නෙ. හරියට ඇරෝ සහ ෆ්ලෑෂ් මුණ ගැහුණා වගේ. මුහුණ පොතෙන් මට දකින්න ලැබුනෙ නම් මේ පළවෙනි කොටස නරඹපු අය එතරම් සෑහීමකට ලක් වෙලා නැති බවක්. නමුත් අපි හිතමු ඉදිරි කොටස් වලදි අඩු පාඩු හදාගෙන අැරෝ සහ ෆ්ලෑෂ් වගේ මේ කතාවත් සුපිරි වෙයි කියලා.

කතාව කියන්න කලින් කවුද මේ සුපර් ගර්ල් කියන්නෙ කියලා බලමු නේද.සුපර් ගර්ල් කියන්නෙ DC Comics වලට අයිති සුපිරි වීර චරිතයක්. මෙයාව නිර්මාණය කරන්නෙ සුපර්මෑන්ගෙ කාන්තා ප්‍රතිරූපය හැටියට. 1959 අවුරුද්දෙදි තමයි මේ චරිතය නිර්මාණය වෙන්නෙ. DC Comics ඉතිහාසයෙ සුපර් ගර්ල් ලා කීප දෙනෙක්ම ඉන්නවා. එයින් මුල්ම සුපර් ගර්ල් චරිතය තමයි මේ. කාරා සොර්- එල්. මෙයා කැල්- එල් නැත්තම් සුපර් මෑන්ගෙ ඥාති සොහොයුරිය.මෙයාට තියෙන්නෙත් සුපර් මෑන්ට තියන සුපිරි හැකියාවන්මයි. ඒ වගේම මෙයාටත් සුපර් මෑන්ගෙ දුර්වලතාවයම තියනවා.ක්‍රිප්ටොනයිට්.

මේ කතාව නම් ටිකක් විතර වෙනස් කොමික් වල කාරාගෙ කතාවට වඩා. මේ කතාවට අනුව කාරා ව පෘතුවියට එවන්නෙ කැල්- එල් ගෙ ආරක්ෂාවට. නමුත් ඇගේ යානාව ෆැන්ටම් සෝන් එකේ හිර වීම නිසා කැල්-එල් පෘතුවියට ඇවිත් වසර 24 ට පස්සෙ තමයි කාරා පෘතුවියට එන්නෙ. එ එද්දිත් අගේ වයස ඇය ක්‍රිප්ටෝන් වලින් පිට වෙද්දි හිට

Supergirl S01 E02 Download


Supergirl S01 E02 Subtitles

The Flash [S02 : E05] with Sinhala Subtitle | ඩොක්ටර් ලයිට්. [සිංහල උපසිරැසි සමඟ]

අපි හිතුවෙවත් නැති විදියට මහාචාර්ය ස්ටේන්ගේ සෞඛ්‍ය තත්වය ගොඩක් නරක අතට හැරුනා. එයාගේ ඇග අස්ථායි වෙන්න පටන් ගත්තා. කොහොම හරි සිස්කෝ උපරණයක් හදලා තාවකාලික විසදුමක් කලා. ඒ වගේම මහාචාර්ය ස්ටේන්ට සිහිය ආවම එයාට ඇවිදින්න පුලුවන් වෙන්න ඒ උපකරණය හැරමිටියටත් හයි කලා. ඒත් ඉතින් ඒ උපකරණයේ බැටරිය කොච්චර කාලෙකට තියේවිද කියලා හිතාගන්න බෑ. මොකද මේ වැඩේට ගැලපෙන තවත් බැටරියක් හොයාගන්න විදියක් කාටවත් හිතාගන්න බැරි වුනා. ඉතින් මේ නිසාම අපේ කට්ටිය වෙන විසදුමක් හොයන්න පටන් ගත්තා. ඔය වෙලාවේ තමයි කේටලන් කිවේ මහචාර්යතුමා රොනී වගේ කෙනෙක් එක්ක මුහුම් කලොත් නම් මේ දේ හරියාවි කියලා. ඒත් අපි කොහොමද මහචාර්යතුමාට ගැලපෙන මේ විදියේ මෙටා මිනිසෙක් හොයාගන්නේ.

කොහොම හරි අපි මහාචාර්යතුමාට ගැලපෙන විදියේ දෙන්නෙක් හොයාගත්තා. එක්කෙනෙක් ‍හෙන්රි හියුට්. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. අනිත් කෙනා ගරාජ් එකක වැඩ කරන ජෙෆර්සන් ජැක්සන්. ඒ දෙන්නම හැම අතින්ම මහාචාර්යතුමාට ගැලපෙනවා කියලා කේට්ලන් හොයාගත්තා. ඉතින් අපි ඒ දෙන්නටම කතා කරලා ගැලපෙන කෙනෙක්ව තෝරාගන්න තිරණය කලා. මුලින්ම අපි හෙන්රි ලගට ගිහින් විස්තරය කියලා එයාව ලැබ් එකටම එක්කගෙන ආවා. ඇවිත් එයාව මහාචාර්යතුමාත් එක්ක මුහුම් කරන්න හැදුවා. ඒත් ඉතින් අපි හිතපු විදියට නම් වැඩේ වුනේ නෑ. හෙන්රි මහාචාර්ය තුමා එක්ක ගැලපුනේ නෑ. ඒ නිසා අනිත් කෙනා වුන ජෙෆර්සන්ට අපි කතා කලා. මුලදි නම් මෙයා කැමති වුනේ නැ ලැබ් එකට එන්නවත්. පස්සේ කොහොම හරි ලැබ් එකට ආවත් කරන්න යන දේ ඇහුවට පස්සේ මෙයා යන්න ගියා. කේට්ලන්ට තරහා ගිහින් ජැක්සන්ට බැන්නත් එක්ක. ඔය වෙලාවේ තමයි මහාචාර්යතුමාගේ සෞඛ්‍ය තවත් නරක අතට හැරුනේ. ඒ නිසා ආයෙමත් අපි ජැක්සන්ට කතා කරලා එක්ක‍ගෙන ආවා. ඇවිත් එයා මහාචාර්යතුමා එක්ක එකතු කලා. ඔන්න ඔය විදිය

The Flash S02 E02 Download
The Flash Toronto
The Flash S02 E02 Sinhala Subtitles
The Flash Subtitles
http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=7053

The Flash [S02 : E06] with Sinhala Subtitle | සූම්ගේ පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]



මගේ හිතේ තියන දේ පෙටීට කියන්න ගියපු වෙලාවේ මම හිතුවෙවත් නැති දේකට මුහුණ දෙන්න වුනා. ශාර්ක් මැන් ඇවිත් මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ පෙටී මාව බෙරාගන්න උත්සහ කලත් එයට බැරි වුනා. ඔය වෙලාවේ තමයි කවුදෝ කබායක් දාගත්ත කෙනෙක් ඇවිත් ෂාර්ක් මෑන්ට වෙඩි තියලා මාව බේරාගත්තේ. මේ කවුද කියලා බලද්දි තමයි මම ‍දැක්කේ මේ ඩොක්ටර් හැරිසන් වෙල්ස් කියලා. මේ සිද්ධිය නිසා මම ගොඩක් පුදුම වුනා. මම විතරක් නෙවෙයි ස්ටාර් ලැබ් එකේ හැමෝමත් පුදුම වුනා. හැබැයි මෙයා කිවේ එයා අනිත් ලෝකයෙන් ආවා කියලයි. අනිත් අය නම් ඒක පිලිගන්න ලැස්ති නෑ වගේ. හැබැයි ඉතින් මගේ ජිවිත බේරාගත්ත නිසා මම ඩොක්ටර් වෙල්ස් එක්ක එකතු වෙලා වැඩ කරන්න තිරණය කලා. වෙන මොකටවත් නෙවෙයි සූම්ව නවත්වලා සෙන්ට්‍රල් නගරයේ වෙන අපරාධ අඩු කරන්නයි.

ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට තවත් අලුත් මෙටා මිනිසෙක් ඇවිත්. ඇත්තටම මෙයා ගැහැණු කෙනෙක්. හැබැයි මෙයා මාව මරන එක වෙනුවට කලේ හොරකම් කරන එකයි. වෙල්ස් කියන විදියට‍ මෙයත් ඒ ලෝකෙන් ආපු කෙනෙක්ලු. ඩොක්ටර් ලයිට් වුන මෙයාගෙන් කරදරයක් නෑ කියලා තමයි ජේ නම් කිවේ. හැබැයි ඩොක්ටර් වෙල්ස් මේකට තදින්ම විරුද්ධයි. කොහොම හරි ජේගේ කිම අහලා මම මේ ‍ඩොක්ටර් ලයිට් මුණගැහිලා කතා කරන්න ගියා. එතකොට එයා එයාගේ වෙස් මුණ ගැලෙව්වා. මම දැක්ක දෙයින් මට අදහාගන්න බැරිවුනා. ඩොක්ටර් ලයිට් හරියට මගේ කලින් පෙම්වතියක් වෙලා හිටපු, අයරිස්ගේ හොදම යාලුවා වුන ලින්ඩා වගේමයි. ලින්ඩාගේ නම කිවාම ‍ඩොක්ටර් ලයිට් බයවෙලා ලොකු එලියක් ඇති කරලා යන්න ගියා. මේ එලිය නිසා මගේ ඇස්පෙනිම මට නැති වුනා. කේට්ලන් කියන විදියට මම නූලෙන් බේරිලා තියෙන්නේ.

ඔය අතරේ මමයි පැටියි අපේ පළවෙනි හමුවට යන්නයි හිටියේ. හැබැයි මගේ ඇස් පෙනිම නැති වුන නිසා මම ලොකු අමාරුවකට වැටුනා. අයරිස් කියපු නිසාම මම කැමරාවක් තියෙන කන්නාඩියක් දාගෙන පැටිව මුනගැහෙන්න ගියා. හැබැයි ඉතින් මට යන පාර කිවේ සිස්කෝ. කොහොම හරි එහෙ මෙහෙ හැප්පි හැප්පි මම එයාව මුණගැහෙන්න ගියා. ගිහින් ගොඩක් දේවල් කතා කලා. ඔය හැමදේම වෙන අතරේ මට පේන්නේ නැති නිසා භාජන පෙරලෙනවා වගේ අවුල් වැඩත් ගොඩක් වුනා. හැමදේම කතා කරලා ඉවර වෙලා අන්තිමේට පැටි එයා මට පේන්නේ නැති බව දන්නවා කියලා කිවා. ඇත්තටම ඒකෙන් අපි දෙන්නගේ ආදරය තවත් වැඩි වුනා. අපි දෙන්නා අත් පටලාගෙන කාර් එක ලගටත් ආවා. ඒ විතරක් නෙවෙයි අපේ පළවෙනි සිපගැනිමත් කලා. ඇත්තටම ඒ දවස මට මගේ ජිවිතයේ අමතක නොවන දවසක් වුනා.

ඔය අතරේ ඩොක්ටර් ලයිට් ලින්ඩා ඉන්න තැනට ඇවිත් එයාව මරන්න හැදුවා. ඒත් ලින්ඩා බේරාගන්න හදපු වෙලාවේ එයාගේ ලොක්කා ඩොක්ටර් ලයිට්ගේ ප්‍රහාරයකින් මැරුනා. මේ නිසාම ඩොක්ටර් ලයිට් බයවෙලා පැනලා ගියා. කොහොම හරි සිස්කෝගේ බලය පාවිච්චි කරලා ඩොක්ටර් ලයිට් ඉන්න තැන හොයාගත්තා. මගේ වේගය පාවිච්චි කරලා මට එයාව අල්ලාගන්න පුලුවන් වුනා. එයාව පාවිච්චි කරලා සූම්ව අල්ලා ගන්න පුලුවන් වෙයි කියලයි අපි හැමෝම හිතාගෙන ඉන්නේ. කොහොම හරි මේ හැම දේම වුනාට පස්සේ වෙල්ස් ගැන කළකිරුණ ජේ ස්ටාර් ලැබ් එකෙන් අපෙන් වෙන් වෙලා යන්න ගියා…

179 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

6390E7ED7F149CB261BC2521CEDC1B017FD5D7EE

235 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

566F8887251C367BCE61CEC1D5DE218BBAC2CC5F


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Monday, November 9, 2015

Rebel [2012] Sinhala Subtitles


ඔන්න Romance film බලන යාලුවට ටමයි මේ..මේ ෆිල්ම් 1 ප්‍රදාන නළුවට ඉන්නේ ඔයාල කවුරුත් දන්නා Prabash.
සුපිරිම ගනයේ ෆිල්ම් 1 තමයි මේක..රිෂී මෙයාතමයි මේකෙ ප්‍රදාන චරිතේ. මෙයාගේ තාත්තයි අම්මයි අමානුශික විදිහට මරා දානවා.
 මෙහෙම මරා දමන්නේ ස්ටේපන් රොබර්ට් නැමැති ප්‍රසිද්ධ මිනී මරුවෙක්.ටික කාලෙකට පස්සේ මේ මිනිමර්ව ගැන ආරංචි වෙනවා..
රිෂී එයාගේ අම්මයි තාත්තයි මරපු පලිය ගන්න හයිද්‍රාබාද් යනවා.ඔතන ඉදල ටමි ඉතින් game 1 පටන්ගන්නේ.ඔන්න එහෙනම් අපි ගියා.
ඔයාලට ජය!
600Mb DVDRip 1 මෙතනින් බාගන්න.

සිංහල උපසිරසි මෙතනින් බාගන්න


Sunday, November 8, 2015

Arrow Season 03 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 130MB 200MB Episodes


ඉතින්, ඇරෝගේ ජයග්‍රහණයට පස්සේ, තුන්වෙනි කතාමාලව පටං ගන්නේ ස්ටාර්ලින් නගරයට ඇරෝ කියන්නේ වීරයෙක් කියන මතයට අනුව. අපරාධයන් අඩු වෙලා, මිනිස්සුන්ට ආරක්ෂිත බවක් හැඟිලා, ඒ වගේම කැප්ටන් ලාන්ස් අපේ මේ ඇරෝව අත්තඩංගුවට පත්කරන්න යොදවපු විශේෂ පොලිස් භට කණ්ඩායම පවා ඉවත් කරනු ලැබුවා. ඉතින්, ඔලිවර්ගේ ජීවිතයේ සාර්ථකත්වය නිසාම, ඔලිවර් විශ්වාස කරන්න ගන්නවා එයාට අන්තිමට හරි පෞද්ගලික ජීවිතයක් පටං ගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා කවුරු කවුරුත් බොහෝ දිනක් බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත එලබෙනවා. ඒ ෆෙලිසිටිව රෑ කෑමකට වගේම හමුවකට එලියට එක්කරගෙන යනවා. නමුත් නොසිතූ අයුරින් නගරයට ආපහු අපරාධකරුවෙක් එන්න ගන්නවා. ස්ටාර්ලින් නගරය ආපහු දූෂිත නගරයක් වෙන ලකුණු ඔලිවර්ට පෙන්නුම් කෙරෙනවා. ඉතින් ඔලිවර්ට තේරුම් යනවා එයාට කවදාවත් ඔලිවර් කුයීන් කියන චරිතයට අනුව ජීවත් වෙන්න බැරිබව. ඒ නගරයට ඇරෝ කියන වීරයා ඕනවෙනතෙක්ම.
ඉතිං… ඔන්න ඔහොමයි මේ සීසන් එක ආරම්භයක් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ වගේම හැමෝම වගේ පුලපුලා බලාසිටි සුන්දර මොහොතක් මේ පලවෙනි කොටසින්ම උදාවෙනවා. ඇත්තටම සන්තූසයියියියි…
දැනට අන්තර්ජාලයේ දැක්වෙන විදිහටනම් මේ තුන්වෙනි කතාමාලව කොටස් අටකින් යුක්තයි. ඉතින් බලමු නේද මොකද මේ ඇරෝට වෙන්නේ කියලා. ඒ වගේම දෙවන කතාමාලව අවසන් උනේ ඔලිවර් ඒ අතුරුදහන් වෙලා හිටපු අවුරුදු ගානම හිටියේ දූපතේ නෙමෙයි හිටියේ කියලා. ඉතිං මෙයා කාලයක් හොන්ග් කොන්ග් වල ඉදල තියෙනවනේ. ඉතින් කියවෙන විදිහටනම් මේ කතාමාලවේ මෙයා හොන්ග් කොන්ග් වලදී මොකද කරේ කියලා ටිකක් වැඩිපුර ගලාගෙන යයි කියලයි කියවෙන්නේ.
කොහොම නමුත්… හැමෝම හිතන විදහටම කතාමාලාව ගලාගෙන යයිද කියලා බලමු. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Subtitles පහලින් Download කරගන්
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න

Arrow Season 3 පහලින් Download කරගන්

Wednesday, November 4, 2015

Bahubali (2015) - සිංහල උපසිරැසි

පසුගිය ජූලි 10 වැනිදා තිරගතකෙරුණු Bāhubali : The Beginning චිත්‍රපටය මෙතෙක් ඉන්දියානු සිනමා ඉතිහාසයේ දැවැන්තම නිෂ්පාදනය ලෙස සැලකෙනවා. S.S Rajamouli විසින් අධ්‍යක්ෂණය කරන ලද ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙය Shobu Yarlagadda සහ Prasad Devineni විසින් නිෂ්පාදනය කරන ලද්දක්. මෙම චිත්‍රපටය එකවර තෙළිඟු, දෙමළ භාෂා වලින් සමගාමීව නිමවා හින්දි, මලයාලම් හා ප්‍රංශ භාෂා වලින්ද හඬකවා තිබෙනවා.

මෙම චිත්‍රපටය ලොවපුරා තුන්වන වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය සිනමාපටය බවටත්, ඉන්දියාව තුළ මුළු සිනමා ඉතිහාසයේම වැඩිම ආදායමක් ඉපැයූ චිතුපටය ලෙසටක් වාර්තාගතවනවා.





වැඩි විස්තර කියන්න ඕන නැහැනේ. Subtitle එක පහළින් ගන්න.

සිංහල උපසිරැසි ගන්

Download Mp4 720p
Download 360p




Sunday, November 1, 2015

Redeemer 2014 with Sinhala Subtitles | දේව පහස ලත් ගැලවුම් කරැ [සිංහල උපසිරසි සමඟ]





මේ චිත්‍රටයේ කතා නායකයා තමයි පෝර්ඩෝ එයා දරැනු මිනීමරැවෙක් දවසක් එයා එයා වගේම තවත් අපරාද කාරයෙක්ව හොයාගෙන යනවා. ඒත් පෝර්ඩෝ නොහිතපු විදිහට ඒ කෙනාගේ පුතාට පෝඩෝ අතින් වෙඩි වදිනවා.එක එයා හිතලා නෙමෙයි කරන්නේ.එද ඉදන් පෝඩෝ හැමදෙයක්ම අතඇරලා ආගමට අනුව අසරන මිනිස්සුන්ට උදවු කරන්වා.ඒත් අර අපරාද කාරයා පෝර්ඩෝ පස්සෙන් පන්නවා.ඒ වගේම එයා පෝර්ඩෝගේ බිරිදවයි එයාට හම්බවෙන්න ඉන්න දරැවවයි දරැනු විදිහට වදදීලා මරනවා

Download Movie




Download Sabtitles