Thursday, November 19, 2015
The Flash [S02 : E07] with Sinhala Subtitle | ගෝරිල්ලා සටන. [සිංහල උපසිරැසි සමඟ]
කොහොම හරි සූම්ව අල්ලාගන්න කියලා හිතලා අපි ඩොක්ටර් ලයිට්ව අල්ලාගත්තා. හැබැයි ඉතින් එයා එයාගේ බලයන් පාවිච්චි කරලා නොපෙනී අපේ ලැබ් එකෙන් පැනලා ගියා. ඒ වෙනකන් අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එයාට නොපෙනී ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. කොහොම හරි අපි සූම්ව අල්ලාගන්නත් ඕනි. ඒ නිසා අපි හිතුවා ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට වෙස් ගන්වලා සූම්ව අල්ලා ගන්න. හැබැයි ඉතින් ඒක හිතපු තරම් ලේසි වැඩක් නම් වුනේ නෑ. මොකද ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට පුහුණු කරන එක තරම් අමාරු වැඩක් නම් තවත් තිබුනේ නෑ. ලින්ඩාට නපුරුකම කියන එක නාමයක්වත් ගෑවිලා නැති නිසා තවත් මේක අමාරු වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි අපිට එයාව යම්කිසි මට්ටමකට පුහුණු කරන්න පුලුවන් වුනා. බැයැයි ඉතින් එයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න මට මම ෆ්ලෑෂ් කියලා එයාට කියන්න වුනා. ඒ දේ නිසා ලින්ඩා නම් ගොඩක් පුදුම වුනා වගේ.
ඒ වගේම මේ හැමදේම වෙද්දි සිස්කොටයි, කේට්ලන්ටයි වගේම ජෝටත් ඩොක්ටර් වෙල්ස් ගැන සැකයක් ඇතිවුනා. වෙල්ස් මොනවා හරි දෙයක් අපෙන් හංගාගෙන ඉන්නවා කියලයි එයාලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා සිස්කෝ කොහොම හරි අමාරුවෙන් වෙල්ස්ගේ අතින් අල්ලලා කම්පනයක් (vibe) එකක් බැලුවා. ඒකෙන් පෙනුන විදියට මේ හැමදේම වෙල්ස් කරන්නේ එයාගේ දුවව සූම් තියාගෙන ඉන්න නිසයි වගේ. ඔය අතරේ සූම්ව උගුලට අහු කරගන්න වැඩේ අපි කරන්න ගත්තා. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් අපි ඒ රගපෑම හොදට කලා. ඒත් ඉතින් සූම් නෙවෙයි එතනට ආවේ. ඒ නිසා අපි ඒ වැඩේ අතැරලා දැම්මා.
හැබැයි කවුරුවත් නොහිතපු විදියට වෙන වෙලාවකදී සූම් මතුවෙලා ලින්ඩාව පැහැරගෙන ගියා. එයා ඇවිත් මට අභියෝග කලා. ඉතින් මට කරන්න පුලුවන් උපරිම හොදම දේ වුන තන්ඩර් බෝල්ට් එකකින් මම සූම්ට පහර දුන්නා. හැබැයි ඉතින් එයා විශ්වාස කරන්න බැරි විදියට ඒක ආපහු අල්ලලා මගේ පැත්තට දමලා ගැහුවා. ඒ විතරක් නෙවෙයි එයා මාව අල්ලාගෙන හොදටම පහර දුන්නා. මට සිරම් එක විදලා මගේ කොන්දත් කඩලා දැම්මා. තව සෙන්ට්‍රල් සිටි නිව්ස් වලට ගිහින් මගේ දුර්වලකම් කිවා. තව පොලිසියට ගිහින් මාව තවත් නෝන්ඩි කරලා දැම්මා. අන්තිමේට ස්ටාර් ලැබ් එකට ඇවිත් අනිත් අය හැමෝම ඉස්සරහා මාව මරන්නයි හැදුවේ. හැබැයි ඉතින් සිස්කෝට පින්සිද්ධ වෙන්න මම බේරුනා. මොකද එයා සිරම් එක සූම්ට විදපු නිසා. කොහොම හරි එතනින් සූම් පැනලා ගියා. හැබැයි ඉතින් මට නම් හොදටම අමාරු වුනා. නොමැරී බේරුනත්… මට මගේ ඉනෙන් පල්ලෙහා මොකුත්ම දැනෙන්නේ නෑ.
161 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
233 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment