කොහොමද යාළුවනේ. මේ කතාව අරන් එන්න වුනේ නම් හිතුවෙ වත් නැති වෙලාවක. මොකද මේ කතාව එන්න තියෙන්නෙ නොවැම්බර් මාසෙදි. නමුත් පළවෙනි කොටස ප්ලොට් කොටස, ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස දවස් දෙකකට විතර කලින් අන්තර් ජාලයට ඇවිල්ලා. මේ කතාව CBS කියන රූපවාහිනී චැනලයෙන් තමයි විකාශනය වීමට නියමිත. Flash, Arrow සහ ඉදිරියේදි එන්න තියන Legends of Tomorrow කතා මාලා අධ්‍යක්ෂණය කරන Andrew Kreisberg ම තමයි මේ කතාවත් කරන්නෙ.සමහරවිට ෆ්ලෑෂ් කතාවලට සූපර්ගර්ල් එන්න බරිත් නැ කියලයි ආරංචි මාර්ග තියන්නෙ. හරියට ඇරෝ සහ ෆ්ලෑෂ් මුණ ගැහුණා වගේ. මුහුණ පොතෙන් මට දකින්න ලැබුනෙ නම් මේ පළවෙනි කොටස නරඹපු අය එතරම් සෑහීමකට ලක් වෙලා නැති බවක්. නමුත් අපි හිතමු ඉදිරි කොටස් වලදි අඩු පාඩු හදාගෙන අැරෝ සහ ෆ්ලෑෂ් වගේ මේ කතාවත් සුපිරි වෙයි කියලා.
කතාව කියන්න කලින් කවුද මේ සුපර් ගර්ල් කියන්නෙ කියලා බලමු නේද.සුපර් ගර්ල් කියන්නෙ DC Comics වලට අයිති සුපිරි වීර චරිතයක්. මෙයාව නිර්මාණය කරන්නෙ සුපර්මෑන්ගෙ කාන්තා ප්‍රතිරූපය හැටියට. 1959 අවුරුද්දෙදි තමයි මේ චරිතය නිර්මාණය වෙන්නෙ. DC Comics ඉතිහාසයෙ සුපර් ගර්ල් ලා කීප දෙනෙක්ම ඉන්නවා. එයින් මුල්ම සුපර් ගර්ල් චරිතය තමයි මේ. කාරා සොර්- එල්. මෙයා කැල්- එල් නැත්තම් සුපර් මෑන්ගෙ ඥාති සොහොයුරිය.මෙයාට තියෙන්නෙත් සුපර් මෑන්ට තියන සුපිරි හැකියාවන්මයි. ඒ වගේම මෙයාටත් සුපර් මෑන්ගෙ දුර්වලතාවයම තියනවා.ක්‍රිප්ටොනයිට්.
මේ කතාව නම් ටිකක් විතර වෙනස් කොමික් වල කාරාගෙ කතාවට වඩා. මේ කතාවට අනුව කාරා ව පෘතුවියට එවන්නෙ කැල්- එල් ගෙ ආරක්ෂාවට. නමුත් ඇගේ යානාව ෆැන්ටම් සෝන් එකේ හිර වීම නිසා කැල්-එල් පෘතුවියට ඇවිත් වසර 24 ට පස්සෙ තමයි කාරා පෘතුවියට එන්නෙ. එ එද්දිත් අගේ වයස ඇය ක්‍රිප්ටෝන් වලින් පිට වෙද්දි හිට
Supergirl S01 E02 Download
Supergirl S01 E02 Subtitles




No comments:
Post a Comment