Thursday, October 15, 2015

Under the Dome [S03 E01/E02] | යථාර්තයට මුහුණ දීම [සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි කෙරුවාව ආරම්භ උනේ මේ කතාවෙන් නිසා කොච්චර කාර්යබහුල උනත් ඔන්න 3 වෙනි අදියරයටත් අත ගැහුවා. අදියර දෙකක කොටස් 26 ක් පුරාවට අපි ඇමෙරිකාවෙ චෙස්ටර්ස් මිල් කියන කුඩා නගරයට කඩා වැටුණු විනිවිද පෙනෙන බාධකයක් ගැන 2013 වසරේ සිට නැරඹුවා. ආරම්භයේ සිට මේ කතාවට උපසිරැසි ගෙනාවෙ පුබුදු සහෝ. ඔහුවත් මතක් කරගෙනම දෙවන අදියරය අවසාන උනේ කොහොමද කියලා මතක නැති අයට මම බොහොම කෙටියෙන් කතාව මතක් කරන්නම්.

දෙවන අදියරය වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට ලැබුණා. පාසල් කාලයේ සෑම්ගේ පෙම්වතිය උන මෙලනි මිය ගියාට නැවත වර්තමානයේ උපන්නෙ බාධකය එක්ක ඇයගේ ලොකු සබඳතාවයක් ඇති බව පෙන්වමින්. කොහොමින් කොහොම හරි නගරයේ සියළු දෙනා එකතු කරගෙන බාර්බිගේ මූලිකත්වයෙන් උමඟ දිගේ ගිහින් බාධකයෙන් එළියට යන්නයි සූදානම. ඒත් ඉතින් හැම කතාවකම මොන හොඳ දේ කරන්න ගියත් දුෂ්ටයා කඩා පාත් වෙනවා වගේ බිග් ජිම් බොහොම දරුණු කෙනෙක් වෙනවා පෝලීන් මිය ගියාට පස්සෙ. හැමෝම එළියට යන්න සූදානමින් යන අතරේ ජූලියා, ජූනියර් සහ බිග් ජිම් හැර අනෙක් අයට උමගේ කෙළවරකට ළඟා වෙන්න හැකියාව ලැබෙනව
Download Sinhala Subtitle

Download E01
Download E02

No comments:

Post a Comment