කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 6 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 5 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ක්‍රිස්ටීන් ජූනියර්ව සහ ඊවාව ඇයගෙ ග්‍රහණයට ගත්තා. ඇයට අවශ්‍ය දේවල් ඔක්කොම කර ගන්න සූදානම් වෙන්නෙ. ඒ අතරෙ සෑම් ඇබී වෙනුවෙන් ඉන්න බව දැන ගත්තු ක්‍රිස්ටීන් ඇබීව සියදිවි හානි කර ගන්න තත්වෙට පත් කළා. ඒ අතරෙ නගර ශාලාව හදද්දි කඩා වැටුණු බාලකයේ ප්‍රශ්ණෙට මුල් උන පීට් සහ බාර්බි දෙන්නව කොටවලා, ක්‍රිස්ටීන් විසින් බාර්බිට කියලා පීට්ව මරලා දැම්මා. හන්ටර්ව අනතුරකට ලක් උනේ නොරී නිසා කියලා ජූනියර් හදන්නෙ ජෝ සහ නොරී දෙන්නව ඒකට වරදකාරයා කරන්න. මේ අතරෙ ජූලියා කොහොමහරි ක්‍රිස්ටීන්ව අල්ලගෙන ඇක්ටියොන් එකට බාර දුන්නා. ඒත් ජිම්ව නොසිතූ විදියට හිර උනේ බිත්තරය ගැන බොරු කරපු නිසා. ඔන්න ඔහොම තමයි ගිය සතියෙ කතාවෙ සාරාංශය.
අද කොටස ගැන කිව්වොත්, අද ජිම් දැන ගන්නවා බාධකය ඇති උන හැටි සහ ක්‍රිස්ටීන් ගැන තවත් තොරතුරු. දැන් දෙන්නම හිර වෙලා ඉන්න නිසා ගොඩක් දේවල් ගැන තොරතුරු හෙලි වෙනවා. කුරුළු දූපතේ මෙහෙම වෙන අතරේ, ක්‍රිස්ටීන් නැති නිසා ජූනියර් සහ ඊවා තමයි ඔක්කොම පාලනය කරන්නෙ. ජෝ, නොරී සහ ජූලියා විතරයිනෙ දැනට නගරයේ හොඳ සිහි කල්පනාවකින් ඉන්න එකම කට්ටිය. ඒකට අද තව කෙනෙක් එකතු වෙනවා. ඒ කෙනා ලොකු දෙයක් කරනවා අද කතාවෙ අවසානයේ. බාර්බි යනවා ක්‍රිස්ටීන්ව හොයාගෙන. එයාට ක්‍රිස්ටීන් ඉන්න තැනක් ගැන හෝඩුවාවක් දැන ගන්න ලැබෙයිද? ජූලියා දන්න දේවල් ටික බාර්බිට කියා ගන්න පුලුවන් වෙයිද? කුරුළු දූපතේදි ක්‍රිස්ටීන්ට මොකද වෙන්නෙ? ජූනියර් සහ ඊවා එකතු වෙලා මොනවද කරන්න යන්නෙ? මෙන්න මේවට උත්තර අද කතාවෙ තියෙනවා. එහෙනම් බලන්නකෝ අපේ පැටළුන නූල් බෝලෙ එක කෙළවරක් අද හොයා ගන්න පුළුවන් වේවිද කියලා.
එහෙනම් අදට මම සමු ගන්නවා.



No comments:
Post a Comment