Saturday, October 17, 2015

Under the Dome [S03:E05] සතුරන් සහ මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න අද මේ කතා මාලාවේ 5 වන කොටසට උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, අපේ බිග් ජිම්ව පැහැරගෙන ගිහින් ඇක්ටෙයින් සමාගමේ කට්ටිය හිතන්නෙ මෙයත් ක්‍රිස්ටීන් වගේ කෙනෙක් කියලනේ. ඒත් මෙයා එතනින් පැනලා යනවා ජූලියාගේ උදව්වෙන්. ජූලියා සහ බාර්බි අතර ලොකු රණ්ඩුවක් ගිහින් දෙන්නා තරහා වෙනවා. තරහා වෙලා හිටපු ජෝ සහ නොරී නැවත එකතු වෙනවා. සෑම් සහ ඇබී දෙන්නත් එකතු වෙන බවක් පෙන්නුවා. එක් එක්කෙනාගේ විවිධාකාර සබඳතා ගොඩ නැගෙන අතරෙ අමුතුම ආකාරයේ සම්බන්ධයක් පටන් ගත්තෙ ජූනියර් සහ ක්‍රිස්ටීන්. ජූනියර් හොඳටම ක්‍රිස්ටීන්ට අහුවෙලා වශී වෙලා ඉන්නෙ කියලා තේරෙන්න ඇතිනේ. අද කොටසෙ එතනින් පටන් ගන්නවා. ක්‍රිස්ටීන් කියපු නිසා ජූනියර් නගර ශාලාවෙ බාල්කයකුත් කඩලා දැම්මනේ. අද කතාවෙ නම් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා. ඒත් ඉතින් උත්තර හොයන්න නම් දිගින් දිගටම කතාව බලන්න වෙනවා. එක ප්‍රශ්ණයක් ඉවර වෙන්න කලින් තවත් ප්‍රශ්ණ පටන් ගන්නවා. කලින් ලිපියෙදි මං කිව්ව නූල් බෝලෙ එක කෙලවරක් හොයා ගන්න උත්සාහ කරද්දි ඒක ඇතුලෙ තවත් පැටලෙන්න වෙනවා. අද මාතෘකාව සතුරන් සහ මිතුරන්. මිතුරන් සතුරන් බවට පත්වෙන සතුරන් මිතුරන් බවට පත්වෙන කුතුහලය පිරි කොටසක් අද ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ හැමදේම මූලාරම්භයට හේතුව ගැනත් තව දුරටත් පැහැදිලි කෙරෙනවා. එහෙනම් බලන්නකෝ….මං යනවා. ලබන සතියේ 6 වන කොටස සමඟින් මුණ ගැහෙමු.

Download Sinhala Subtitles

Download E05

No comments:

Post a Comment