Saturday, October 17, 2015

Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා නැවතත් සුපුරුදු පරිදි බාධකය තුල සිර වෙලා ඉන්නවා. බිග් ජිම් සහ ජූලියා පමණයි ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගත්තෙ. ගිය සතියේ ජූලියව මරන්න හදපු මෙලනිට ජීවිතයට සමුදෙන්න සිද්ධ උනේ ක්‍රිස්ටීන්ගේ පිහි ඇනුම නිසා. ඒ අතර ඊවා විසින් පොලව යට හංගලා තිබුණ කැමරාවක් සොයා ගත්තා මතක ඇති. කොහොමහරි, බිග් ජිම් ඒක හොරකම් කරලා බලනකොට කතා මාලවට තවත් අළුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි ක්‍රිස්ටීන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක් නෙවෙයි කියන එක. ඇය බිත්තරය ස්පර්ශ කිරීමෙන් පසුව යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා. කතාව ඔහොම ගලා ගෙන යද්දි බිග් ජිම්ට මේ ඔක්කොම එපා වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා කුරුළු දූපතට යන්න තීරණය කරනවා. කතාව අවසානයේ පෙන්නුවෙ ක්‍රිස්ටීන්ගේ සංඥාවක් නිසා හැම කෙනෙක්ම එයාගේ අණසකට යට වෙලා එකතැනකට රැස් වෙලා හිටපු ආකාරය.

අද එතැන් සිට කතාව බලන්නකෝ. කලින් දවසේ රෑ මොකද උනේ කියලා කාටවත් හරියට පැහැදිලි කරන්න බැහැ. මේ අතර ගොඩක් දේවල් විනාශ වෙලා නිසා කෑම හිඟයක් ඇති වෙන්න යනවා. ඒකට විසඳුමක් හොයා ගන්න බාර්බි තව කෙනෙක් එක්ක නගරය පුරා ඇවිදිනවා. මේ අතරේ ක්‍රිස්ටීන් ගේ වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික පැහැදිලි කරනවා. බිග් ජිම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අදත් කතාව අවසාන කරන්නෙ මේ නූල් බෝලෙ ලිහා ගන්න නෙවෙයි. තවත් පැටලෙන විදියට. එහෙනම් මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙනම බලන්නකෝ

Download Sinhala Subtitles

Download E04

No comments:

Post a Comment